LED නාම පුවරු සඳහා මෘදුකාංගය නොමිලේ බාගන්න

Free Download LedArt Software, LED Player Text Animation Software, Power led 2.61 (New version) Tutorial and Manuals for Full Color LED Video Display programming and Single Color Display programming.

LED නාම පුවරු ප්‍රෝග්‍රෑම් කිරීමට වෙනත් මෘදුකාංග කොතෙකුත් තිබුනත් මෙම මෘදුකාංගය මගින් ඉතා පහසුවෙන් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්.

LED Art 1.2.1.5 Software (Full-color/Video Controller-HD-C1)
LED Player Text Animation Software
Power LED 2.61 (New Version) led Control Software
Colorlight LED VISION 3.66 (User Manual)
Full-color Controller-HD-C1 Operating Manual (Ver.6 New)


LED බල්බ නිෂ්පාදනය

LED බල්බ නිෂ්පාදනය පිළිබඳ න්‍යායික හා ප්‍රායෝගික පුහුණු වැඩසටහනක්.



සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයට අනුබද්ධ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය මඟින් කොළඹ දිස්ත්‍රික්කයේ LED බල්බ නිෂ්පාදනය පිළිබඳ තාක්ෂණය ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින නවක ව්‍යවසායකයන්හට න්‍යායික හා ප්‍රායෝගික තාක්ෂණික වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙම වැඩසටහනින් පුහුණු වන්නන් හට, LED බල්බවල වැදගත්කම, මූලික ඉලෙක්ට්‍රොනික් දැනුම, බිත්ති/තාප්ප සඳහා සුදුසු බල්බ නිෂ්පාදනය, ආලින්දය, විසිත්ත කාමර සඳහා බල්බ නිෂ්පාදනය, LED Drivers යොදා බල්බ නිෂ්පාදනය කිරීම, ත්‍රීරෝද රථ සඳහා ආලෝකකරණ උපාංග නිෂ්පාදනය කිරීම, උත්සව සඳහා වන බල්බ නිෂ්පාදනය කිරීම, විවිධ වර්ගවල බල්බ් වැල් නිෂ්පාදනය කිරීම ආදි කරුණු පිළිබඳ දැනුමක් ලබා දීමට නියමිතය.

අමුද්‍රව්‍ය  ලබා ගත හැකි ස්ථාන පිළිබඳ විස්තර ලබා දීමක්ද සිදු කෙරේ. වැඩසටහන සාර්ථකව අවසන් කරන පිරිස සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මඟින් පිළිගත් වටිනා සහතිකයක් පිරිනමනු ලබන අතර පසුවිපරම් සේවාවන්ද කරනු ඇත.

මේ පිළිබඳ වැඩිවිස්තර ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, 98, දෙවන මහල, හයිලෙවල් ප්ලාසා ගොඩනැගිල්ල, දෙල්කඳ, නුගේගොඩ යන ලිපිනයෙන් හෝ 0112815009, 0713660033  යන දුරකතන අංකවලට අමතා ලබා ගත හැකි වේ.

LED නාම පුවරු නිර්මාණය සිංහලෙන් - කොටස් හදුනා ගැනීම - රසික කරුණාරත්න