LED බල්බ නිෂ්පාදනය

LED බල්බ නිෂ්පාදනය පිළිබඳ න්‍යායික හා ප්‍රායෝගික පුහුණු වැඩසටහනක්.



සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයට අනුබද්ධ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය මඟින් කොළඹ දිස්ත්‍රික්කයේ LED බල්බ නිෂ්පාදනය පිළිබඳ තාක්ෂණය ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින නවක ව්‍යවසායකයන්හට න්‍යායික හා ප්‍රායෝගික තාක්ෂණික වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙම වැඩසටහනින් පුහුණු වන්නන් හට, LED බල්බවල වැදගත්කම, මූලික ඉලෙක්ට්‍රොනික් දැනුම, බිත්ති/තාප්ප සඳහා සුදුසු බල්බ නිෂ්පාදනය, ආලින්දය, විසිත්ත කාමර සඳහා බල්බ නිෂ්පාදනය, LED Drivers යොදා බල්බ නිෂ්පාදනය කිරීම, ත්‍රීරෝද රථ සඳහා ආලෝකකරණ උපාංග නිෂ්පාදනය කිරීම, උත්සව සඳහා වන බල්බ නිෂ්පාදනය කිරීම, විවිධ වර්ගවල බල්බ් වැල් නිෂ්පාදනය කිරීම ආදි කරුණු පිළිබඳ දැනුමක් ලබා දීමට නියමිතය.

අමුද්‍රව්‍ය  ලබා ගත හැකි ස්ථාන පිළිබඳ විස්තර ලබා දීමක්ද සිදු කෙරේ. වැඩසටහන සාර්ථකව අවසන් කරන පිරිස සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මඟින් පිළිගත් වටිනා සහතිකයක් පිරිනමනු ලබන අතර පසුවිපරම් සේවාවන්ද කරනු ඇත.

මේ පිළිබඳ වැඩිවිස්තර ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, 98, දෙවන මහල, හයිලෙවල් ප්ලාසා ගොඩනැගිල්ල, දෙල්කඳ, නුගේගොඩ යන ලිපිනයෙන් හෝ 0112815009, 0713660033  යන දුරකතන අංකවලට අමතා ලබා ගත හැකි වේ.

1 comment:

  1. me bulb saha Smith deval ganna thiyena hondama then monavada?

    ReplyDelete